The Engineering School of the Naval and Maritime Academy conducted a Personal Leadership Development Exercise (PLDEX ) for Sailor Under Trainees (SUTs)) of Leading Q ME 02/2025 and P III ME 03/2025 on 31 Jan 26, covering the areas of Hoods Tower and Chapel Beach.
The main aim of organising this exercise was to develop the leadership and personality of the SUTs. The exercise was conducted under the supervision of the Officer In Charge, Engineering School Commander (E), MDDA Susiripala, psc, and included various activities and events.
At the end of this event, a campfire and a variety show were organised to enhance the talents of the SUTs. The Acting Training Captain, Captain BG Dammika RSP, USP, psc, graced the occasion as the Chief Guest. This exercise clearly reflects the efforts of the Engineering School to create a great future generation with superior leadership and personality for the Engineering Department.
නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඉංජිනේරු පාසල මඟින් නායක ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පුහුණු පාඨමාලාව 02/2025 සහ තුන්වන අදියර ඉංජිනේරු කාර්මික සුදුසුකම් ලැබීමේ පුහුණු පාඨමාලාව 03/2025 හදාරණ පුහුණු නාවිකයන් සඳහා පුද්ගල නායකත්ව වර්ධන අභ්‍යාසයක් 2026/01/31 වන දිනය පුරාවට චැපල් වෙරල තීරය සහ හූඩ්ස් ටවර් ප්‍රදේශය ආවරණය වන පරිදි පවත්වන ලදි.
පුහුණුවන නාවිකයන්ගේ නායකත්වය සහ පෞරුෂය වර්ධනය ඉලක්ක කර ගනිමින් සංවිධානය කරන ලද මෙම වැඩ සටහන සඳහා විවිධ ක්‍රියාකාරකම් සහ අංගයන් ඇතුලත් කර තිබු අතර අණභාර නිලධාරි ඉංජිනේරු පාසල කොමාණ්ඩර් එම්ඩීඩීඒ සුසිරිපාල නිලධාරි තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ වැඩ සටහන මෙහෙයවන ලදි.
වැඩ සටහන අවසානයේ විචිත්‍රවත් ගිණිමැල සංදර්ශනයක් සහ විවිධ ප්‍රසංගයක් පැවැත්වීම මඟින් පුහුණුවන නාවිකයන්ගේ නිර්මාණශීලි හැකියාවන් ඔප් නැංවීමට ඉඩ සලසා දුන් අතර එම අවස්ථාව සඳහා වැඩ බලන පුහුණු කපිතාන් කපිතාන් බීජී ධම්මික,ආර්එස්පී,යූඑස්පී,පීඑස්සී නිලධාරි තුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිනෙන ලදි.
නාවික හමුදාවේ ඉංජිනේරු කාර්මික අංශය සඳහා උසස් නායකත්වයක් සහ පෞරුෂයක් සහිත ඉදිරි පරම්පරාවක් බිහිකිරීම සඳහා ඉංජිනේරු පාසල දරණ උත්සාහය මෙම අභ‍්‍යාසය මඟින් මනාව පිළිඹිබු විය.
கடற்படை மற்றும் கடல்சார் அகாடமி பொறியியல் பள்ளி. L Q ME 02/2025 மற்றும் P III ME 03/2025 பயிற்சியாளர்களுக்கான தனிப்பட்ட தலைமைத்துவ மேம்பாட்டுப் பயிற்சியை (PLDEX) 2026 ஜனவரி 31 அன்று நடத்தியது. இது ஹூட்ஸ் டவர் மற்றும் சேப்பல் கடற்கரை பகுதிகளில் நடைபெற்றது.
இந்தப் பயிற்சியை ஏற்பாடு செய்ததன் முக்கிய நோக்கம், பயிற்சியாளர்களின் தலைமைத்துவத்தையும் ஆளுமையையும் வளர்ப்பதாகும். இந்தப் பயிற்சி எம்டிடிஏ சுசிரிபால பொறியியல் பள்ளியின் கட்டளை அதிகாரி (இ) மேற்பார்வையின் கீழ் நடத்தப்பட்டது மற்றும் பல்வேறு செயல்பாடுகள் மற்றும் நிகழ்வுகளை உள்ளடக்கியது.
இந்த நிகழ்வின் முடிவில், பயிற்சியாளர்களின் படைப்புத் திறமைகளை மேம்படுத்துவதற்காக ஒரு கேம்ப்பயர் மற்றும் பல்வேறு நிகழ்ச்சிகள் ஏற்பாடு செய்யப்பட்டன. செயல் பயிற்சி கேப்டன், கேப்டன் பி.ஜி. தம்மிக ஆர்.எஸ்.பி., யு.எஸ்.பி., பிஎஸ்சி, தலைமை விருந்தினராக கலந்து கொண்டார். பொறியியல் துறைக்கு உயர்ந்த தலைமைத்துவம் மற்றும் ஆளுமை கொண்ட ஒரு சிறந்த எதிர்கால தலைமுறையை உருவாக்க பொறியியல் பள்ளியின் முயற்சிகளை இந்தப் பயிற்சி தெளிவாக பிரதிபலிக்கிறது.