Naval and Maritime Academy

COMMENCEMENT OF PO ‘Q’ ME(CE) COURSE 01/2026 AND PHASE III ME(CE) QUALIFYING COURSE 01/2026 AT CIVIL ENGINEERING SCHOOL, NAVAL & MARITIME ACADEMY.

 

The opening address of the PO ‘Q’ ME (CE) Qualifying Course 01/2026 and Phase III ME (CE) Qualifying Course 01/2026 was held with grandeur at the auditorium of the Civil Engineering School on 05 Jan 26, marking the official commencement of the courses with the participation of fifty-one (51) Sailor Under Trainees (SUTs).

PO ‘Q’ ME(CE) Qualifying Course is specially designed to impart further professional knowledge of the Civil Engineering field for the sailors who have successfully completed the Leading ‘Q’ ME (CE) course. Further, on completion of the course, they will be qualified enough to obtain NVQ Level 04 which denoted as Construction Site Supervisors. The course participants will have to undergo nineteen (19) weeks of training programme and the course will be terminated on 17 May 26.

The Phase III ME (CE) Qualifying Course enhances the professional knowledge of sailors in the field of Civil Engineering who have successfully completed their Basic Training course. Furthermore, upon completion of the course, they will be qualified to obtain NVQ Level 03 in Construction Craftsman Masonry, Wood Craftsman Building, Painter (Building), and Plumber. The course participants will undergo a twenty seven (27) weeks training programme, and the course will conclude on 11 Jul 26.

The 2IC of the Civil Engineering school, Lt (CE) KAS Dilruk has officially inaugurated the ceremony and the Acting Chief Instructor FCPO (CE) KPGCR Jayathilaka welcomed all the course participants and other instructors on behalf of the OIC Civil Engineering School.

සුළු නිලධාරි තරාතිරම සඳහා සුදුසුකම් ලැබීමේ සිවිල් ඉංජිනේරු කාර්මික පාඨමාලාව 01/2026 සහ තුන්වන අදියර සඳහා සුදුසුකම් ලැබීමේ සිවිල් ඉංජිනේරු කාර්මික පාඨමාලාව 01/2026 යන පාඨමාලාවන් ආරම්භ කිරීම.

 

සුළු නිලධාරි තරාතිරම සඳහා සුදුසුකම් ලැබීමේ සිවිල් ඉංජිනේරු කාර්මික නාවිකයින්ගේ පාඨමාලාව 01/2026 සහ තුන්වන අදියර සඳහා සුදුසුකම් ලැබීමේ සිවිල් ඉංජිනේරු කාර්මික නාවිකයින්ගේ පාඨමාලාව 01/2026 යන පාඨමාලාවන්හි ආරම්භක දේශණය නාවිකයින් 51 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2026 ජනවාරි මස 05 වන දින සිවිල් ඉංජිනේරු පාසල් ශ්‍රවණාගාරයේදී උත්කර්ශවත් ලෙස පැවැත්විණි. මේ සඳහා සුළු නිලධාරි තරාතිරම සඳහා සුදුසුකම් ලැබීමේ සිවිල් ඉංජිනේරු කාර්මික නාවිකයින් (30) දෙනෙකු සහ තුන්වන අදියර සඳහා සුදුසුකම් ලැබීමේ සිවිල් ඉංජිනේරු කාර්මික නාවිකයින් (21) දෙනෙකු සහභාගි වන ලදී.

සුළු නිලධාරි තරාතිරම සඳහා සුදුසුකම් ලැබීමේ සිවිල් ඉංජිනේරු කාර්මික පාඨමාලාව විශේෂයෙන්ම සැළසුම් කර ඇත්තේ නායක සිවිල් ඉංජිනේරු කාර්මික තරාතිරම සඳහා සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සාර්ථකව නිමා කරන ලද නාවිකයින් හට සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ තව දුරටත් වෘත්තීය දැනුම ලබා දීම සඳහාය. මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ඔවුන් වැඩබිම් සුපරීක්ෂක තත්වය දක්වා සුදුසුකම් ලබයි. තවද, ජාතික වෘත්තීය සුදුසුකම් ලැබීමේ ක්‍රමය (NVQ Level) 4 මට්ටම සඳහා ප්‍රමාණවත් සුදුසුකම් ලබන අතර, පාඨමාලාවට සහභාගි වන නාවිකයින් සති 19 ක පුහුණු කාල සීමාවකට යටත් වේ. එම කාල සීමාව 2026 මැයි මස 17 වන දිනෙන් අවසන් වේ.

තුන්වන අදියර සඳහා සුදුසුකම් ලැබීමේ සිවිල් ඉංජිනේරු කාර්මික පාඨමාලාව විශේෂයෙන්ම සැළසුම් කර ඇත්තේ මූලික ආධුනික පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කල සිවිල් ඉංජිනේරු අංශය සඳහා බඳවා ගනු ලැබූ නාවිකයින් හට සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය පිළිබඳව මූලික න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබා දීම සඳහාය. මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ඔවුන් ඉදිකිරීම් කාර්මික ශිල්පය (ගොඩනැගිලි), වඩු කාර්මික ශිල්පය (ගොඩනැගිලි), පින්තාරු කාර්මික ශිල්පය (ගොඩනැගිලි) සහ ජලනල කාර්මික ශිල්පය යන වෘත්තීන්ට අදාළව ජාතික වෘත්තීය සුදුසුකම් ලැබීමේ ක්‍රමය (NVQ Level) 3 මට්ටම සඳහා ප්‍රමාණවත් සුදුසුකම් ලබන අතර, පාඨමාලාවට සහභාගි වන නාවිකයින් සති 27 ක පුහුණු කාල සීමාවකට යටත් වේ. එම කාල සීමාව 2026 ජූලි මස 11 වන දිනෙන් අවසන් වේ.

සිවිල් ඉංජිනේරු පාසලේ දෙවන අණභාර නිලධාරි ලුතිනන් (සිඉ) කේඒඑස් දිල්රුක් නිලධාරිතුමන් විසින් උත්සවය නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, වැ/බ ප්‍රධාන උපදේශක සප්‍රසුනි (සිඉ) කේපීජීසීආර් ජයතිලක විසින් පාඨමාලාවන් සඳහා පැමිණි සියළුම නාවිකයින් සහ එම අවස්ථාවට සහභාගි වූ සියළුම උපදේශකයින් පිළිගන්නා ලදී.

சிவில் இன்ஜினியரிங் பள்ளி, கடற்படை & கடல்சார் அகாடமியில் PO 'Q' ME(CE) பாடநெறி 01/2026 மற்றும் கட்டம் III ME(CE) தகுதி பாடநெறி 01/2026 இன் தொடக்கம்.

 

PO 'Q' ME (CE) தகுதிப் பயிற்சி 01/2026 மற்றும் கட்டம் III ME (CE) தகுதிப் பயிற்சி 01/2026 ஆகியவற்றுக்கான தொடக்க உரை ஜனவரி 5, 2026 அன்று சிவில் இன்ஜினியரிங் பள்ளியின் ஆடிட்டோரியத்தில் பிரமாண்டமாக நடைபெற்றது, இது ஐம்பத்தொரு (51) மாலுமி பயிற்சி பெற்றவர்களின் (SUTs) பங்கேற்புடன் படிப்புகளின் அதிகாரப்பூர்வ தொடக்கத்தைக் குறிக்கிறது.

PO 'Q' ME(CE) தகுதிப் பாடநெறி, முன்னணி 'Q' ME (CE) பாடநெறியை வெற்றிகரமாக முடித்த மாலுமிகளுக்கு சிவில் பொறியியல் துறையில் மேலும் தொழில்முறை அறிவை வழங்குவதற்காக சிறப்பாக வடிவமைக்கப்பட்டுள்ளது. மேலும், பாடநெறி முடிந்ததும், அவர்கள் கட்டுமான தள மேற்பார்வையாளர்கள் எனக் குறிக்கப்படும் NVQ நிலை 4 ஐப் பெறுவதற்கு போதுமான தகுதியைப் பெறுவார்கள். பாடநெறி பங்கேற்பாளர்கள் 19 வார பயிற்சித் திட்டத்தை மேற்கொள்ள வேண்டும், மேலும் பாடநெறி மே 17, 2026 அன்று முடிவடையும்.

கட்டம் III ME (CE) தகுதிப் பாடநெறி, அடிப்படைப் பயிற்சிப் பாடத்திட்டத்தை வெற்றிகரமாக முடித்த சிவில் பொறியியல் துறையில் மாலுமிகளின் தொழில்முறை அறிவை மேம்படுத்துகிறது. மேலும், பாடநெறி முடிந்ததும், கட்டுமான கைவினைஞர் கொத்து, மர கைவினைஞர் கட்டிடம், ஓவியர் (கட்டிடம்) மற்றும் பிளம்பர் ஆகியவற்றில் NVQ நிலை 3 ஐப் பெற அவர்கள் தகுதி பெறுவார்கள். பாடநெறி பங்கேற்பாளர்கள் 27 வார பயிற்சித் திட்டத்தில் ஈடுபடுவார்கள், மேலும் பாடநெறி ஜூலை 11, 2026 அன்று முடிவடையும்.

சிவில் இன்ஜினியரிங் பள்ளியின் 2IC, லெப்டினன்ட் (CE) KAS தில்ருக் இந்த விழாவை அதிகாரப்பூர்வமாகத் தொடங்கி வைத்தார், மேலும் A/தலைமை பயிற்றுவிப்பாளர் FCPO (CE) KPGCR ஜயதிலக, சிவில் இன்ஜினியரிங் பள்ளியின் சார்பாக அனைத்து பாடநெறி பங்கேற்பாளர்களையும் மற்ற பயிற்றுனர்களையும் வரவேற்றார்.

FACULTIES, SCHOOLS, DEPARTMENT & UNITS

QUALITY POLICY OF NMA
Naval & Maritime Academy is committed to mould naval personnel to become professionals in their fields to perform duties to the entire satisfaction of the desired standards of a recognized naval force, with the commitment to comply with requirements and continual improvement of the effectiveness of process of the quality management system.